වව්නියාවේ දැරිය ඝාතනය කර ඇත්තේ ලිංගික අපයෝජනයකින් පසුවයි

Friday, 19 February 2016 - 8:29

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වව්නියාව - උක්කුලාම්කුලම් ප්‍රදේශයේ ඉකුත් 16 වනදා ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි සැක පළ කළ 13 හැවිරිදි දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බව වව්නියාව හදිසි මරණ පරීක්ෂකවරයා ඊයේ (18) තීරණය කළා.

තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ මෙම දැරිය ඉකුත් 16 වනදා පාසල් යාමට නොහැකි බව පවසමින් නිවසෙහි නැවතී තිබෙනවා.

සිය වැඩිමහල් සොහොයුරා සවස පාසල් ඇරී නිවසට පැමිණි අවස්ථාවේදී ඇය නිවසේ ගෙළ වැළලාගෙන සිටි අයුරු දැක ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දැරියගේ සිරුර වව්නියාව මහ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව පරීක්ෂාවට ලක්කර තිබුණේ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු විසින්.

දැරියගේ මව පාසල් ගුරුවරියක බව සදහන්.

වෛද්‍යවරයාට දැරියගේ මරණය සම්බන්ධයෙන් සැක මතුවීම හේතුවෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වව්නියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාර දී තිබෙනවා.

ඊයේ පැවති මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් හෙළිදරව් වූයේ මෙම දැරිය අපයෝජනයට ලක් කර ගෙළ සිරකර මරා දමා ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories