ඇඹිලිපිටියේ තරුණයාගේ මරණයට හේතුව අනාවරණ වෙයි

Friday, 19 February 2016 - 11:36

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇඹිලිපිටියේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් පසු තරුණයෙකු මියයාමට හේතුව කැපීම් හේතුවෙන් අතකින් අධික ලෙස රුධිර වහනය වීම සහ කම්පන තත්ත්වයක් බව අධිකරණයේදී අද (19) ප්‍රකාශයට පත් කෙරුණා.

රත්නපුර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ටී.බී ගුණතිලක මේ සම්බන්ධයෙන් ගොනුකළ වාර්තාව ඊයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුවයි අද ප්‍රකාශයට පත් කෙරුණේ.

මියගිය තරුණයාගේ ශරීරයේ කැපීම් තුවාල රැසක් දක්නට ලැබුණු බවත්, ඒවායින් අධික ලෙස රුධිරය වහනය වී ඇති බවත්, අධිකරණ වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

කම්පන තත්ත්වය ද ඊට හේතුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කර වාර්තාවේ සඳහන්.

ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම සිද්ධියේදී යම් අපරාධයක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න මියගියේ පසුගිය ජනවාරි මස 7 වනදායි.

මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුනු ඇඹිලිපිටිය හිටපු පොලිස් අධිකාරී ඞී.සී. ධර්මරත්න මාර්තු මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories