මාළිගාවේ පාරට දෙපිරිසක් ගුටි කෙළියක

Friday, 19 February 2016 - 14:39

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A
මහනුවර - ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිට ධර්මරාජ මාවත විවෘත කරන ලෙස ඉල්ලමින් සහ එම මාර්ගය විවෘත නොකරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත වූ දෙපිරිසක් අතර අද දහවල් ගැටුමක් ඇති වුණා.

ඒ ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදීයි.

පුරවැසිබලය සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වුණේ එම මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින්.

ඊට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.

කෙසේ වෙතත්, ජාතික හෙළ උරුමයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක තුෂාර ස්වර්ණතිලක ඇතුළු පිරිසක් මාර්ගය විවෘත නොකරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත වුණා.

විරෝධය ධර්මරාජ මංසන්ධියෙන් ආරම්භ කළ ඔවුන් පසුව පාගමනින් ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටට පැමිණියා.

එහිදී දෙපිරිස අතර බහින් බස්වීමක් සිදුවූ අතර, පසුව ගැටුමක් හට ගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ගැටුමෙන් එක් අයෙකුට තුවාල සිදුවී තිබෙනවා.  

ගැටුම වැළැක්වීම සඳහා පොලීසිය මැදිහත් වුවත්, ඇතැම් විරෝධතාකරුවන් පොලීසියට ද බලපෑම් එල්ල කළා.

විරෝධතාවය නිසා පැය දෙකකට ආසන්න කාලයක් මහනුවර - දළදා මාළිගාව අවට දැඩි රථ වාහන තදබදයක් ද පැවැති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
 
මේ අතර, තම විරෝධතාවයට පහරදීමට එරෙහිව අද පස්වරුවේ මහනුවර පොලීසියට පැමිණිල්ලක් ගොනුකළ බවයි මහනුවර පරිසරය සහ සෞඛ්‍ය සුරැකීමේ සංවිධානයේ ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවරත්න බණ්ඩා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories