හෝමාගම අධිකරණය අසල කළහ කල තවත් හිමිවරු 4ක් අද අධිකරණය හමුවට

Saturday, 20 February 2016 - 12:38

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85%E0%B7%84+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෝමාගම අධිකරණ භූමියේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිට ඊයේ පොලීසියට භාර වූ ස්වාමීන් වහන්සේලා සිව්නම අද (20) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ බොදුබල සේනා සංවිධානයේ සහ රාවණාබලය සංවිධානයේ හිමිවරුන් සිව් දෙනෙක් මෙලෙස හෝමාගම පොලීසිය වෙත භාර වූ බවයි.

ඒ අනුව පූජ්‍ය බියගම සිසිල හිමි, පූජ්‍ය කිරම දේවින්ද හිමි, පූජ්‍ය මුතුමාගම ධම්මහිමි සහ පූජ්‍ය දම්ම විනීත හිමියන් මෙලෙස අද දිනයේදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, මෙම සිද්ධියට අදාළව පසුගිය දා පොලීසියට භාර වූ රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ සිංහල රාවයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු සිව් නමක් පසුගිය 16 වන දා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කෙරුණා.

පසුව රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්, සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුලූ 11 දෙනෙකු මාර්තු පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  මේ මස 23 වනදා දක්වා පසුගිය 16 වන දා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට මීට පෙර ඇප හිමි වුවද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිමියන් මෙලෙස රක්ෂිත බන්ධානාගාරගත කර තිබුණේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories