මන්නාරම මිනීවල අසල පාළු ළිඳේ කැණීම් කල් යයි

Saturday, 20 February 2016 - 13:09

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මන්නාරම - තිරුකේතීස්වරම් ප්‍රදේශයේ මීට වසර 4 කට පෙර හමුවූ සමූහ මිනීවල ආසන්නයේ පාළු ළිඳක මිනිස් අස්ථි කොටස් සොයා සිදුකළ කැණීම් අප්‍රේල් 4 වනදා දක්වා කල් දමා තිබෙනවා.

අධිකරණ නිලධාරින්  සහ පොලිසිය ළිඳ තුළ කැණීම් කටයුතු ආරම්භ කළ ද එහි ජලය පිරීම හේතුවෙන් පතුල දක්වා කැණීම් සිදුකිරීමට නොහැකි වූ බව මන්නාරම අධිකරණයේ නීතිඥවරයෙකු දැනුම් දුන්නා.

මේ අනුව, ළිඳ අසල වෙනත් ස්ථානයක වළක් හාරා ළිඳේ ජලය ඉවත් කොට අප්‍රේල් 4 වනදා සිට නැවත කැණීම් ආරම්භ කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

මීට වසර 4 කට පෙර ළිඳ ආසන්නයේ සමූහ මිනීවලක තිබී මිනිස් අස්ථි කොටස් 96 ක් සොයාගත්තා.

ඒවා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඞී. එන්. ඒ. පරීක්ෂාවක් සඳහා තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්  මන්නාරම - තිරුකේතීස්වරම් ප්‍රදේශයේ පිහිටි මෙම ළිඳෙහි අතුරුදන්වූවන්ගේ අස්ථි කොටස් තිබිය හැකි බවට ඔවුන්ගේ ඥාතීන් මන්නාරම අධිකරණයට සිදුකළ පැමිණිල්ලක් අනුවයි මෙම කැණීම් කටයුතු ඊයේ දිනයේ ආරම්භ වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories