ජනපති මෛත්‍රී ඔස්ටි‍්‍රයාව සමග දිගු ගමනක් යාමේ අපේක්ෂාවක

Saturday, 20 February 2016 - 13:26

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ඔස්ටි‍්‍රයාව සමග දිගු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා ඔස්ටි‍්‍රයාවේ - හොෆ්බර්ග් ජනාධිපති මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ඔස්ටි‍්‍රයානු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි ද්වීපාර්ශවික සාකච්ඡාවන්හිදී වැඩි අවධානයක් යොමුවූ බවයි.

ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ සංස්කෘතික , අධ්‍යාපන, ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගිතාවය වඩාත් පුළුල් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories