මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවර යාත්‍රා කිසිසේත් මුදාහැරීමට බලාපොරොත්තු නොවන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එලෙස මෙරට මුහුදු තීරයට ඇතුලූවන සියලූම ඉන්දීය ධීවර යාත්‍රා සියල්ල අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක බලකායට සහ නාවික හමුදාවට උපදෙස් ලබාදී ඇති බවයි ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දීය ධීවරයන් පතුල සහිත ට්‍රෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු තීරයේ මසුන් මැරීම හේතුවෙන් සමුද්‍ර ජීවී සම්පතට සිදුවන්නේ විශාල හානියක්.
ඒ සඳහා මෑතක සිට පතුල් දෙකක් සහිත ට්‍රෝලර් යාත්‍රාද භාවිත කරන බව හෙළිවී තිබෙනවා.
කෙසේ නමුත් කවරාකාරයක හෝ යාත්‍රාවකින් මෙරට මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස මසුන් මැරීමට අවකාශ ලබා නොදෙන බවයි ධීවර අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු තීරයට ඇතුලූ වූ ඉන්දීය ධීවර යාත්‍රා 9 ක් සහ ධීවරයන් 39 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්රම් අලෙවි කියා සිටියේ ඉන් ධීවරයන් 27 දෙනෙකු තවදුරටත් මෙරට බන්ධනාගාර ගතව සිටින බවයි.
පසුගිය 2015 වසරේදී ඉන්දීය ධීවර යාත්‍රා 70 ක් සහ ධීවරයන් 450 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු තීරයට ඇතුලූ වුවද නාවික හමුදාව ඔවුන්ට වෙඩි තැබීම සිදුකරන්නේ නැහැ.
එහෙත් එම යාත්‍රා අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම නිසා රඳවාගෙන සිටින ධීවර යාත්‍රා සහ ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු ධීවරයන් තවත් විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.
ඒ අනුව තමිල්නාඩුවේ වෙරළාසන්න ධීවර දිස්ත්‍රික්ක 8 ක ධීවරයන් ලබන 29 වනදා චෙන්නායි නුවර නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැටලීමට සැළසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කළා.
ඉන්දීය ධීවර යාත්‍රා 78 ක් මෙරට රඳවාගෙන සිටින බවයි ඉන්දීය ධීවර සංගම් පවසන්නේ.

Follow US
Most Viewed Stories