න්‍යෂ්ටික අවි ත්‍රස්තවාදීන්ට අතට පත්වීමේ අවදානමක්

Tuesday, 23 February 2016 - 8:30

%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
න්‍යෂ්ටික අමුද්‍රව්‍ය ත්‍රස්තවාදීන් අතට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රධානී යුකියා අමානෝ පවසනවා.

ඔස්ටි‍්‍රයාවේ වියෙනා නුවර ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම තත්ත්වය වැළැක්වීම සඳහා සියලූ ජාතීන් න්‍යෂ්ටික අමුද්‍රව්‍ය පරිහරණය සඳහා වන එකඟතා ගිවිසුම් අනුව කටයුතු කළ යුතු බවයි.

න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සුරක්ෂිත ලෙස පරිහරණය කිරීමේ ජාත්‍යන්තර සම්මුතියක් මේ වන විට සකස් කර තිබෙනවා.

එය බලාත්මක වීමට පෙරම ඒ අනුව කටයුතු කිරීමට රටවල් 11ක් ප්‍රතිඥා ලබාදුන්නා.

ත්‍රස්තවාදීන් විසින් න්‍යෂ්ටික බෝම්බයක් පුපුරුවා හැරීම හෝ බලාගාරයකට ප්‍රහාරයක් එල්ල කිරීම වැළැක්වීම සඳහා සියල්ලන් කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රධානියා අවධාරණය කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 1995 වසරින් පසු න්‍යෂ්ටික අමුද්‍රව්‍ය අතුරුදන්වීමේ සිද්ධීන් 2800ක් පමණ වාර්තා වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories