කුල ගැටුමක් නිසා දිල්ලියේ කෝටියකට ජල සැපයුම නවතී

Tuesday, 23 February 2016 - 9:07

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
යාබද හර්යානා ප්‍රාන්තයේ ජැට් කුලගෝත්‍රිකයන් දිල්ලියට ජලය සපයන මුනාක් ඇල මාර්ගයට හානි කිරීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ කෝටිය ඉක්ම වූ ජන කොටසකට ජල සැපයුම් නතර වී තිබෙනවා.

තමන්ට ද කුලහීන ජන කොටස් සඳහා වෙන් කළ රැකියා කෝටාව ලබාදෙන ලෙස ඉල්ලමින් හර්යානා ජැට් ගෝත්‍රිකයින් විරෝධතාවල නිරත වන්නේ එහි පනවා ඇති ඇඳිරි නීතිය ද නොතකමින්.

ඔවුන්ගේ ඉල්ලීම ඉටු කළ හැකි ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මධ්‍යම රජය පත් කළ කමිටුව අද රැස්වීමට නියමිතයි.

ජල සැපයුම් යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත විය හැකි බව සදහන්.

එහෙත් දිල්ලි බලධාරීන් ප්‍රකාශ කළේ අද දිනයේදී ඇල මාර්ගය යළි විවෘත කිරීමට හැකි වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories