රේගුවේ වර්ජනයක්

Tuesday, 23 February 2016 - 12:56

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආදායම් කාර්යක්ෂම කිරීමේ සහ පරීක්ෂා කිරීමේ ඒකකය නමින් නව අධීක්ෂණ ආයතනයක් පිහිටුවීමට එරෙහිව රේගු නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් මේ වන විට සේවයෙන් ඉවත් වී විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා. 

රේගු නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ මෙවැනි ආයතනයක් පිහිටුවීම සඳහා අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් සිටින බවයි. 

එම ආයතනය මගින් රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ තක්සේරු දෙපාර්තමේන්තුව අධීක්ෂණයට ලක් කිරීමට සැලසුම් කරන බව රේගු වෘත්තීය සමිතිවල අදහසයි. 

මේ නිසා අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගෙන නව අධීක්ෂණ ආයතනය විසුරුවා හරින ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටිනවා. 

රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ වරායේ ආනයන භාණ්ඩ නිශ්කාෂණ කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories