නිදහස් පක්ෂයේ යෝජනාවලට ආණ්ඩුව එකඟ වේ

Tuesday, 23 February 2016 - 13:08

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%9A
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ සංශෝධිත යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසනවා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සියලූ යෝජනා පිළිගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සදහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබද පාර්ලිමේන්තු විවාදය මේ මස 25 වන දා පැවැත්වීමට නියමිතව තිබුණත් එය අද සහ හෙට පැවැත්වීමට අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

පාර්ලිමේන්තු කටයුතු අද පස්වරුවේ ආරම්භ කෙරෙන අතර හෙට පෙරවරු 9.30 සිට පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වී පස්වරු 6.30ට මෙම යෝජනා පිළිබද ඡන්ද විමසීම පැවැත්වෙනවා.

ඊට අදාළව න්‍යාය පත්‍රය සංශෝධනය කිරීමට අද පෙරවරුවේ රැස්වූ පක්ෂ නායකයින් එකඟතාවය පළ කළ බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories