ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල යෝජනාව ගැන ඡන්ද විමසීම කල්යයි

Tuesday, 23 February 2016 - 14:03

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ සංශෝධිත යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

කෙසේ වෙතත් ඊට අදාළව ඡන්ද විමසීමක් නොපැවැත්වීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහිදී මේ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂයේ ඇමතිවරු ඉල්ලා ඇත්තේ අදාළ විවාදය කල් දමන ලෙසයි.

නමුත්, නව ව්‍යවස්ථා යෝජනාව ජනතාවගේ අපේක්ෂාවක් බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට මේ පිළිබදව විවාදය පමණක් පැවැත්වෙන අතර, විවාදයෙන් පසු ඡන්ද විමසීමක් නොපැවැත්වීමට තීරණය කෙරුණු බව රජය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.   

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සියලූ යෝජනා පිළිගෙන ඇති බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ.

එසේම යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කිරීමට පෙර ඒකාබද්ධ විපක්ෂය අදත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් මතු කළා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories