කුමාර් ගුණරත්නම් යළි රක්ෂිත බන්ධනාගාරයට

Tuesday, 23 February 2016 - 14:24

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැණුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ලබන මස 1 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ මීට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නීති අංශයේ සහකාර පාලකවරයා සහ කෑගල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදී තිබෙනවා.

ආගමන විගමන පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව මත කුමාර් ගුණරත්නම් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් මස 04 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories