එක්නැලිගොඩ ගැන තීරණාත්මක හඩපටයක්

Thursday, 25 February 2016 - 8:40

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%84%E0%B6%A9%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ  පැහැරගෙනයාම කුමන්ත්‍රණය කල බව පැවසෙන සැකකරුවන්ගේ කථාබහ ඇතුළත් හඩපටයක්  රහස් පොලිසියට ලැබී තිබෙනවා.

ඊයේ දිනයේදී  රහස් පොලිසිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඒබව දන්වා තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඇතැම් සැකකරුවන් එක්නැලිගොඩ  පැහැරගෙනයාමට කුමන්ත්‍රණය කිරීමට  සෘජුව සම්බන්ධ යැයි සැක මතුවන බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් මෙම හඩපටය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීම සඳහා තවත් කල් අවශ්‍ය යැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කල බව එක්නැලිගොඩ වෙනුවෙන් පෙනීසිටින නීතීඥ උපුල් කුමරප්පෙරුම ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories