පොලිස් ස්ථානාධිපතිවරුන් 9 කට ස්ථාන මාරු

Thursday, 25 February 2016 - 10:26

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 9 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා දෙමටගොඩ අපරාධ අංශයටත්, ජාඇල ස්ථානාධිපතිවරයා පුස්සැල්ලාව පොලිස් ස්ථානයට මාරු කර යවා ඇති බවයි.

එමෙන්ම කන්කසන්තුරේ පොලිස් මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජාඇල පොලිස් ස්ථානයට මාරුකර යවා තිබෙනවා.

මේ අතර හලාවත කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කන්කසන්තුරයටත්, නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ දිසාවටත්, මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

යාපනය ස්ථානාධිපතිවරයා ඉලාවලේ පොලිස් ස්ථානයටත්, කිරිඇල්ල ස්ථානාධිපතිවරයා කොළඹ දිසාවටත්, මීගමුව ස්ථානාධිපතිවරයා කිරිඇල්ල පොලිස් ස්ථානයටත් මාරුකර යවා තිබෙනවා.

මේ අතර අද  සිට පොලීසියට නව ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බවයි පොලිස් කොමිසම සඳහන් කළේ.

ඊට අනුමැතිය ලබාදීමට පොලිස් කොමිසම කටයුතු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories