යෝෂිතට අදත් ඇප නෑ

Thursday, 25 February 2016 - 12:05

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%91
සී එස් එන් සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවේ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස් දෙනා ලබන මස 10 වන දක්වා අද යළිි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල හමුවට යළි ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සී එස් එන් නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදා ගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුලූ චෝදනා කීපයක් මොවුන්ට එල්ල වි තිබෙනවා.

යෝෂිත රාජපක්ෂට අමතරව අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සී එස් එන් නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට එහි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග අධ්‍යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක අශාන් ප්‍රනාන්දු යන අයයි.

අද මෙම නඩු විභාගය සිදුවන ආකාරය පිළිබදව දැක බලා ගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ  මන්ත්‍රීවරුන් පිරිසක්ද  කඩුවෙල අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටි බවයි හිරු වාර්තා කරු කියා සිටියේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories