ආර්ථික ප්‍රතිසංස්කරණයට රජය කැපවනවා

Friday, 26 February 2016 - 7:18

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
යහපාලනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණය උදෙසා වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹදී පැවති හමුවකට එක්වෙමින්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංගමයේ විධායක කමිටු රැස්වීම කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී විශේෂ දේශන පවත්වනු ඇති. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයායි.

මේ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී වෙනුවෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ ආණ්ඩු පක්ෂයේ, මෙන්ම විපක්ෂයේ දේශපාලන නායකයින් රැසක් සහභාගි වුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories