විදුලි බිඳ වැටීම ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

Friday, 26 February 2016 - 7:26

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3++%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
දිවයින පුරා විදුලිය සැපයුම පැය 3 කට ආසන්න කාලයක් ඇණ හිටීම කඩාකප්පල්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක් දැයි සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ විදුලිය ඇණහිටීම සිදුවූ ආකාරයටම මීට මාසයකට පෙර ද විදුලිය බිඳ වැටීමක් සිදුවූ අතර, ඒ අනුව මෙම සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් වහාම තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර, ඊයේ සිදුවු හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර හා බාහිර විමර්ශනයක් සිදුකර හැකි ඉක්මනින් වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ පස්වරුවේ දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීමට හේතු වී ඇත්තේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොලොන්නාවට විදුලිය සම්ප්‍රේෂණය කරන අධිවෝල්ටීය විදුලි රැහැන් පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටු රැස්වීමක්ද ඊයේ පස්වරු 7 ට විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories