උතුරු කොරියාවට එරෙහි නව සම්බාධක ජගත් ආරක්ෂක මණ්ඩලයට

Friday, 26 February 2016 - 7:44

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
උතුරු කොරියාවට එරෙහි නව දැඩි සම්බාධක පෙළක් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඊයේ (25) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කළා.

උතුරු කොරියාව විසින් මෑතකදී සිදුකළ න්‍යෂ්ටික පිපිරීම සහ මිසයිල ගුවන්ගත කිරීමට ප්‍රතිචාර දක්වමිනුයි මෙම සම්බාධක සකස් කර ඇත්තේ.

යෝජිත සම්බාධකවලට අනුව එක්සත් ජාතීන්ගේ සෑම සාමාජික රටක්ම උතුරු කොරියාව වෙත යවන භාණ්ඩ සහ උතුරු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සියල්ල පරීක්ෂා කළ යුතුයි.

මෙම සම්බාධක ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් කියා සිටියේ මෙය වසර 20 කින් ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ ප්‍රබලතම සම්බාධක පෙළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories