යාපනය විශ්වවිද්‍යාලයේ නව ආචාර ධර්ම පද්ධතියට ශිෂ්‍ය සංගම් විරෝධය

Friday, 26 February 2016 - 9:47

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පැනවීමට සූදානම් වන නව ආචාර ධර්ම පද්ධතියට ශිෂ්‍ය සංගම්වල විරෝධය පළ වනවා.

පාලනාධිකාරිය පවසන්නේ ඇඳුම්, කොණ්ඩය සහ රැවුල බෑම සිසුන්ගේ සංස්කෘතියට අනුව සිදුවිය යුතු බවයි.

සිසුවියන් සිකුරාදා දිනයේදී සාරිවලින් සැරසී විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු බවත්, සර්වආගමික වැඩසටහන් සඳහා සහභාගිවිය යුතු බවත් නව ආචාර ධර්ම පද්ධතියේ සඳහන් කර තිබෙනවා.   

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී යාපනය විශ්වවිද්‍යාලයේ අන්තර් ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ටී.ශෂිදරන් කියා සිටියේ නව ආචාර ධර්ම පද්ධතිය නිසා සිසු අයිතිවාසිකම් කප්පාදු වන බවයි.

සිසුන්ගේ නිදහස මෙන්ම පෞද්ගලිකත්වයටද එමඟින් බලපෑම් එල්ල වන බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, සංස්කෘතියට ගැලපෙන අන්දමින් මෙම ආචාර ධර්ම පද්ධතිය සකස් කළ බවයි යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය වී.ඥානකුමරන් සඳහන් කළේ.

මෙම ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ ශිෂ්‍ය සංගම් සමඟ කෙරෙන සාකච්ඡාවකින් අනතුරුව බවද ඔහු අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories