යාපනය - පේදුරුතුඩුව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය පොකිරිස්සන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ විශේෂ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ වටලා තිබෙනවා.
එහිදී විවිධ වර්ගයේ පොකිරිස්සන් 3000කට වැඩි ප්‍රමාණයක් සහ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ධීවර ආඥා පනතට අනුව කුඩා ප්‍රමාණයේ පොකිරිස්සන් ඇල්ලීම තහනම් වන අතර, පෙබරවාරි, සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී පොකිරිස්සන් ඇල්ලීම, ප්‍රවාහනය කිරීම හෝ විකිණීම දඩුවම් ලැබිය හැකි වරදක්.
ඊයේ වටලන ලද පොකිරිස්සන් අභිජනන මධ්‍යස්ථානයේ ටැංකි තුළ ඉතා කුඩා ප්‍රමාණයේ පොකිරිස්සන් සහ බිත්තර ද පැවති බවයි හලාවත සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය සදහන් කළේ.
රුපියල් කෝටි 3 ක් පමණ වටිනා මෙම පොකිරිස්සන් මුහුදට මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories