ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ජර්මනියට යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 26 February 2016 - 11:31

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ව්‍යාජ ජර්මන් වීසා සහිත ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් ජර්මනියට යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම සැකකරු මීට පෙර තුර්කියේ සිට මෙරටට පිටුවහල් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබා ගන්නා ලද ගමන් බලපත්‍රයකින් විදේශ ගතව සිට ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ 51 හැවිරිදි පුද්ගලයෙකු ද ඊයේ කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories