ෆේස්බුක් සහ ට්විටර් ප්‍රධානීන්ට අයි.එස්. සංවිධානයෙන් මරණ තර්ජන

Friday, 26 February 2016 - 13:38

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7++%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල වෙබ් අඩවිවල ප්‍රධානීන්ට අයි.එස් සංවිධානයේ අන්තවාදී අනුගාමිකයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් සහ ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝසි වෙත මෙලෙස මරණ තර්ජන එල්ල කරමින් විනාඩි 25 ක වීඩියෝ පටයක් ද ඔවුන් නිකුත් කර ඇති බව සඳහන්.

එය අන්තර්ජාලයට එක් කර ඇත්තේ අයි.එස්. සංවිධානය සිරියාවේ සහ ඉරාකයේ බිහි කිරීමට උත්සාහ කරන කැලිෆේට් හෙවත් ඉස්ලාමීය රාජ්‍යයේ දරුවන් ලෙස හඳුන්වා ගත් කණ්ඩායමක්.

ෆේස් බුක් සහ ට්විටර් සමාජජාල වෙබ් අඩවි මගින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමට පසුගියදා පියවර රැසක් ප්‍රකාශයට පත් කළා.

අයි.එස් සාමාජිකයන්ගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් අත්හිටුවීම ඊට ඇතුළත්.

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන ප්‍රකාශ ද එම ගිණුම්වලින් ඉවත් කිරීම අයි.එස් සංවිධානය උදහස් වීමට තවත් හේතුවක්.

කෙසේ නමුත්, මෙම වෙබ් අඩවිවල වෙනත් ගිණුම්වලට පිවිසි අයි.එස් සංවිධානයේ ප්‍රකාශ ඇතුළත් කරන බව ඔවුන් නිකුත් කළ වීඩියෝ පටයේ දැක්වෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories