ඇඹිලිපිටියේ මරණය ගැන තවත් මරණ පරීක්ෂණයක්

Friday, 26 February 2016 - 13:09

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිසිය සමග ඇති වූ ගැටුමකින් අනතුරුව මියගිය ඇඹිලිපිටිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් නව මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලීමක් කරනවා.

කොළඹ අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ මේ බව කියා සිටියේ කලින් සිදුකළ මරණ පරීක්ෂණය මගින් එම තරුණයා මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටුණු බවට කිසිදු සඳහනක් සිදුකර නොමැති බවයි.

ඒ හේතුවෙන් වෙනත් අධිකරණ වෛද්‍යවරයෙකු ලවා නව මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි නීතීඥ සංගමයේ ලේකම්වරයා සදහන් කළේ.

මීට අමතරව, සිද්ධිය පිළිබදව චෝදනාවට ලක් වූ අනෙකුත් පොලිස් නිලධාරින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ද ඔහු ප්‍රශ්න කර සිටියා.

ඇඹිලිපිටියේ තරුණයාගේ මියයාමට හේතුව කැපීම් හේතුවෙන් අතකින් අධික ලෙස රුධිර වහනය වීම සහ කම්පන තත්ත්වයක් බව අධිකරණයේදී පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කෙරුණා.

රත්නපුර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ටී.බී ගුණතිලක මේ සම්බන්ධයෙන් ගොනුකළ වාර්තාව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුවයි එලෙස ප්‍රකාශයට පත් කෙරුණේ.

මියගිය තරුණයාගේ ශරීරයේ කැපීම් තුවාල රැසක් දක්නට ලැබුණු බවත්, ඒවායින් අධික ලෙස රුධිරය වහනය වී ඇති බවත්, අධිකරණ වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories