ඉහළ මධ්‍යම පන්තියක් ඇති කරනවා

Friday, 26 February 2016 - 13:37

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
මෙරට ඉහළ මධ්‍යම පන්තියක් ඇති කිරීම සදහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹදී අද (26) ආරම්භ වූ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංගමයේ විධායක කමිටු රැස්වීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම රැස්වීමට දිවයිනේ සංචාරයක නිරත වන නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ද එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ ප්‍රජාතන්ත්‍රවාදය රැදී පවතින්නේ ආයතන රැසක ක්‍රියාකාරිත්වය මත බවයි.

එය පුද්ගලයන් හෝ චරිත පමණක් රදා පවතින්නක් නොවන බව ඔහු ඉන්දහන් කලා.

පසුගිය වසර 10 ක කාලය තුළ මෙරට අඩුපාඩුකම් රැසක් පැවතුණ ද බිහිවී ඇති ජාතික ආණ්ඩුව හේතුවෙන් අපට තරගකාරි වෙළඳපොලක් බිහිවු බවයි  රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ .

මෙරට මධ්‍යම පන්තියක් බිහිකිරීම අරමුණ වන අතර එහිදී සමාජයේ දුප්පත්ම කොටස වෙත විශේෂ අවධානයක් යොමුවන බවද ඔහු සඳහන් කලා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories