කොළඹ නගරයේ මී ගහණය ඉහළට

Saturday, 27 February 2016 - 12:39

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%93+%E0%B6%9C%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ නගරය තුළ මී ගහණය ඉහළ ගොස් ඇති බව කොළඹ නගර සභාව පවසනවා.

මේ හේතුවෙන් මීයන්ගෙන් පැතිර යන රෝග බෝවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් අද සිට මීයන් පාලනය කිරීමේ විශේෂ වැඩසටහනක්ද කොලඹ නගරය තුළ ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මීයන් මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මර්ධක 0112 50 35 50 දුරකථන අංකය ඇමතීමෙන් නොමිලේ ලබාගත හැකි බව වෛද්‍ය රුවන් විජයමුණි වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories