අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනාගේ වර්ජනය අවසන්

Saturday, 27 February 2016 - 13:44

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ආහාර වර්ජනයේ නිරතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා අද සිය වර්ජනය අවසන් කළා.

සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඔවුන් සිය වර්ජනය ආරම්භ කළේ මීට දින 6 කට පෙරදියි.

නඩු කටයුතු සිදුකිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබීම හේතුවෙන්  ඔවුන් මෙම වර්ජනය අවසන් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච් එන් සී ධනසිංහ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම මුල් කර ගනිමින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු ආරම්භ කළ ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories