යේමන අගනුවර වෙළඳපොලට බෝම්බ ප්‍රහාරයක් - 30 ක් මියයයි

Sunday, 28 February 2016 - 8:06

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-++30+%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යේමනයේ සානා අගනුවර වෙළඳ පොළකට ඊයේ (28) එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 30 දෙනෙකු පමණ මෙහිදී තුවාල ලබා ඇති අතර, ඉන් බහුතරයක් සිවිල් වැසියන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් වගකීම භාරගෙන නැහැ.

කෙසේ නමුත් සානා අගනුවර පාලනය හිමිකරගෙන සිටින හවුති ගරිල්ලන් ප්‍රකාශ කළේ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ බලයට ගෙන ඒම සඳහා සෞදිය ප්‍රමුඛ අරාබි සන්ධානය හවුති ගරිල්ලන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කරනු ලබනවා.

පසුගිය මාර්තු මාසයේ ආරම්භ වූ මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් හයදහසක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් බහුතරයක් සිවිල් වැසියන් බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා.

මේ අතර සානා වෙළඳපොලට එල්ලවූ ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් හවුති ගරිල්ලන්ගේ ප්‍රවෘත්ති සේවාවක් සඳහන් කළා.

සෞදි අරාබිය යේමනයට එල්ල කරන ප්‍රහාරවලදී සිවිල් වැසියන් ඍජුවම ඉලක්ක කරගන්නා බවට සහ ඔවුන් නිරාහාරව තබා යුද අපරාධ සිදුකරන බවටද චෝදනා එල්ලවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories