සිම්බාබ්වේ ජනපතිගේ 92 වන උපන් දිනයට මහා සාදයක්

Sunday, 28 February 2016 - 8:31

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රටේ ජනතාවගෙන් සියයට 90 ක් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදෙද්දී අප්‍රිකානු සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති රොබට් මුගාබේ සිය අනූ දෙවෙනි උපන් දිනය නිමිත්තෙන් මහා සාදයක් පවත්වා තිබෙනවා.

1980 වසරේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට දේශපාලනය මෙහෙයවනු ලැබූයේ රොබට් මුගාබේ විසින්.

ආර්ථික දුෂ්කරතා සහ නියඟය හේතුවෙන් රටේ බහුතරයක් දුක්පීඩා විඳිද්දී ජනාධිපතිවරයාගේ උපන් දින සැමරුම් විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දැඩි විවේචනයට ලක්වුණා.

සිය උපන් දින සාදයේදී ජනාධිපති මුගාබේ ප්‍රකාශ කළේ සිය රට දුෂ්කරතාවන්ට මුහුණදෙන්නේ බටහිර කුමන්ත්‍රණයක් හේතුවෙන් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories