Update : වීරකැටියේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සොයාගැනේ

Sunday, 28 February 2016 - 11:27

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
වීරකැටිය - රන්න මාර්ගයේ කිරිමැටියාන ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි මෝටර් රථය පොලීසිය සොයාගෙන තිබෙනවා.

බෙලිඅත්ත - අගුල්මඩුව - කොස්ගහගොඩ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී මෙම මෝටර් රථය සොයාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

වෑන් රථයකින් යමින් සිටි පිරිසකට අද උදෑසන මෙලෙස වෙඩි තබා තිබුණේ ඊට පසුපසින් පැමිණි හයිබ්‍රිඞ් වර්ගයේ මෝටර් රථයක සිටි පිරිසක්.

වෙඩි ප්‍රහාරයෙන් වෑන් රථයේ සිටි පුද්ගලයින් තුන්දෙනෙකු සහ මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු තුවාල ලැබුවා.

ටී - 56 ගිනි අවිවලින් සිදුකළ වෙඩි තැබීමෙන් වෑන් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙන්ම යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වීරකැටිය - යක්ගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද තුවාල ලැබූ අතර, ඔවුන් ඇතුළත් කෙරුණේ තංගල්ල රෝහලටයි.

එහිදී බරපතල තත්ත්වයේ පසුවූ වෑන් රථයේ රියදුරු වන ප්‍රියන්ත රුවන් පතිරණ නමැත්තා මිය ගියා.

ඔහු 36 හැවිරිදි බෙලිඅත්ත - මහවෙලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි වැදීමට ලක්ව මේ වන විට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතුල රත්නායක නැමැති පුද්ගලයා පසුගිය වසරේ ජනවාරි මස වීරකැටිය - ගුරුගොඩැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවා.

එලෙස ඝාතනයට ලක්වුණේ 37 හැවිරිදි මන්ද මානසික තත්ත්වයේ පසුවූවෙක්.

මොහු අදාළ නිවසේ තිබූ ලොරි රථයක නිදා සිටි අතර එම අවස්ථාවේ පැමිණි පුද්ගලයින් පිරිසක් රථයට ගිනි තබා පළා ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළවයි අද ඔහු පොලීසිය වෙත පැමිණ තිබුණේ.

කෙසේ වෙතත්, අද සිදුවූ මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත් මෝටර් රථය බෙලිඅත්ත - අගුල්මඩුව - කොස්ගහගොඩ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලීසිය අද පස්වරුවේ සොයා ගත්තා.

මෙම මෝටර් රථය කඩවත ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබා ගත් එකක් බවට අනාවරණ වුණේ එහි රියදුරු පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුවයි.



Update : 28, February 2016 - 16.00
-------------------------------------------------------------------------------


Update : වීරකැටියේ වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට

වීරකැටිය - රන්න මාර්ගයේ නයිගල විහාරස්ථානය අසලදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් රෝහල් ගතකළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

වීරකැටිය පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ සිටියදී වෙඩි වැදුණු පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වෑන් රථයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් අද උදෑසන මෙලෙස වෙඩි තබා තිබූ අතර, ඉන් තුන් දෙනෙකු තුවාල ලැබුවා.

වෙඩි තැබීමෙන් අනතුරුව මෝටර් රථයෙන් පැමිණි පිරිස පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි පොලීසිය කියා සිටියේ.

Update : 28, February 2016 - 13.02
-------------------------------------------------------------------------------

තංගල්ල - වීරකැටිය  ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 10 ට පමණ වීරකැටිය රන්න මාර්ගයේ නයිගල පන්සල අසලදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි පහරින් වෑන් රථයේ පැමිණි පුද්ගලයන් දෙදෙනා තුවාල ලබා ඇති අතර, මෝටර්  රථයෙන් පැමිණි පිරිස පලායද්දී මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකුටද වෙඩි තබා ඇති බවයි වාර්තාවන්නේ.

තුවාලකරුවන් තිදෙනා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් කිහිපදෙනෙකු බව පොලීසිය ප්‍රකාශ කළා.

සිද්ධියට හේතුව නිශ්චිතව අනාවරණ වී නොමැති වුවද අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් ප්‍රතිඵලයක් ලෙස වෙඩි තැබීම සිදුව ඇති බවටයි සැක කෙරෙන්නේ. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories