පුංචි ඡන්දය මාර්තු 31ට පෙර පවත්වන්න

Tuesday, 01 March 2016 - 7:39

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+31%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පළාත් පාලන මැතිවරණය මාර්තු 31 වන දාට පෙර පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක් කළා.

ඒ ඊයේ පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදියි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ නියමිත කාලයට මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බවයි.

 මේ අතර පරාජිත අපේක්ෂකයන් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරවලට පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි මස 6 වන දා සලකා බැලීමට ශ්‍රේ්ෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා.

ඒ අදාළ පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදියි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට පරාජිත අපේක්ෂකයන් පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම පෙත්සම ගොනු කෙරුණේ පසුගිය වසරේ අගෝස්තු මස 26 වන දායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories