අර්තාපල් සහ ලොකුළුෑණු ආනයනික බදු රුපියල් 20කින් ඉහළ යයි

Tuesday, 01 March 2016 - 10:42

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආනයනික අර්තාපල් සහ ලොකුළුෑණු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා නව බද්ද රුපියල් 35ක් වන අතර ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා එම බද්ද රුපියල් 25ක් වන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

දේශීය ගොවීන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙලෙස අර්තාපල් සහ ලොකුළුෑණුවල ආනයනික බදු ඉහළ නංවන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට මෙලෙස උපදෙස් ලබාදුන්නේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories