යෝෂිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Tuesday, 01 March 2016 - 12:58

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
CSN නාලිකාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු 04 දෙනෙකු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබුවා.

යෝෂිත රාජපක්ෂට අමතරව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට අධ්‍යක්ෂවරුන් වන කවිෂාන් දිසානායක සහ අශාන් ප්‍රනාන්දු යන අයයි මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ.

තමන් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවන බවටයි මෙම පෙත්සමේ දක්වා ඇත්තේ.

පොලිස්පතිවරයා සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඇතුළු 07 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදා හැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා.

CSN  නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදා ගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් යටතේ යෝෂිත රාජපක්ෂ සහ CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග ඇතුලූ පස්දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගියදා අත්අඩංගුවට ගත්තා.

මොවුන් දැනට මාර්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories