දෙමටගොඩදී බන්ධනාගාර බස් රථයකට වෙඩි - දෙමටගොඩ චමින්දට තුවාල

Wednesday, 02 March 2016 - 16:28

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
දෙමටගොඩ - සමන්තා සිනමාශාලාව අසලදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථයකට අද පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ලවුණා.

එහිදී තුවාල ලැබූ දෙමටගොඩ චමින්ද නැමැත්තා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.

තුවාලකරුගේ පපුවට වෙඩි වැදී ඇති බවත් මේ වනවිට කඩිනම් ප්‍රතිකාර සිදුකරන බවත් ජාතික රෝහලේ ප්‍රකාශිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

පොලිසිය සඳහන් කලේ අලුත්කඩේ මහාධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කර යළිත් ඔවුන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

මෝටර් රථයක් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් බන්ධනාගාර බස් රථයට වෙඩි තබා පළාගොස් තිබෙනවා.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර දෙමටගොඩ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories