අතපය ගැට ගසා මහ මඟ දමාගොස් සිටි හිමිනමක් හමුවෙයි

Thursday, 03 March 2016 - 7:22

%E0%B6%85%E0%B6%AD%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අතපය ගැට ගසා මහමඟ දමා ගොස් සිටි හිමි නමක් අම්බලන්ගොඩ නගරයෙන් ඊයේ සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ හිමිනම සොයාගැනීමට හැකිවූ බවයි.

මේ වනවිට එම හිමි නම ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අකුරැස්ස - ගලබඩ බෝධිරාජාරාමයේ වැඩවිසූ විල්පිට පියසිරි නැමති ස්වාමීන් වහන්සේ පසුගිය 23 වනදා සිට අතුරුදන්වී ඇති බවට වාර්තාවුණා.

පසුව හෙලිවූයේ මෙලෙස අම්බලන්ගොඩින් හමුවූ හිමිනම බෝධිරාජාරාම විහාරස්ථානයෙන් අතුරුදන්වූ හිමි නම බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස සහ අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories