ලැසිල් ඉවත් කළේ නැහැ

Thursday, 03 March 2016 - 7:30

%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
බරපතල වංචා සහ දුෂන සොයන ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා එම ධුරයෙන් පහකිරීමක් හෝ ඉවත් කිරීමක් සිදුකර නොමැති බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ජනාධිපති කොමිෂන් සභාව තවත් වසරක් සඳහා දීර්ඝ කරන අවස්ථාවේදී එහි සභාපතිවරයාගේ සහ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ සේවා කාලය ද වසරකින් දීර්ඝ කළ බවයි.

එහෙත් කොමිසමේ ලේකම්වරයාගේ සේවා කාලය දීර්ඝ නොකළ බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

බරපතල වංචා සහ දුෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා එම තනතුරෙන් ඉවත් කර තිබුණා.

පසුව මෙම තනතුර සඳහා එච්.ඩබ්ලිව් ගුණදාස පත් කෙරුණු අතර ඔහු ඊයේ එම තනතුරේ වැඩ භාර ගත්තා.  

ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ මෙම නිවේදනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා සිදුකළ ප්‍රකාශය පරස්පර විරෝධී බවයි.

තමාගේ සේවය අවසන් කළ ලිපිය මේ වන විට ලැබී ඇති බව ද හිටපු ලේකම්වරයා තවදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories