දෙමටගොඩ චමින්දට වෙඩි තැබීම ගැන, බන්ධනාගාරයෙන් විශේෂ පරීක්ෂණයක්

Thursday, 03 March 2016 - 8:31

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දෙමටගොඩ දී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහකාර අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ සදහන් කළේ මින් ඉදිරියට බන්ධනාගාර බස් රථවලට අමතර ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරන බවයි.

දෙමටගොඩ - සමන්තා සිනමාශාලාව අසලදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථයකට ඊයේ පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ලවුණා.

මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් සිදුකළ වෙඩි තැබීමෙන් බන්ධනාගාර බස් රථයේ සිටි දෙමටගොඩ චමින්ද නැමැත්තා තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහුගේ පපුවට සහ ඉන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර, රෝහල් පොලීසිය සදහන් කළේ මේ වන විට ඔහු 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි.

රැඳවියන් පිරිස අලූත්කඬේ මහාධිකරණයට රැගෙන ගොස් යළි වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් ද ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම වෙඩි ප්‍රහාරය සිදුකළ පුද්ගලයින්  මෙතෙක් අත්අඩංගුවට නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories