දෙමව්පියන්ගේ රෝගය නිසා දරුවාට පාසැල අහිමි වෙයි ද ?

Thursday, 03 March 2016 - 8:53

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F
කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීම හේතුවෙන් එම පාසලේ දෙමාපියන් මේවන විට සිය දරුවන් පාසලට සහභාගී කරවීමෙන් වැළකී සිටිනවා.

ඒ අදාළ දරුවාගේ දෙමාපියන්ට මාරන්තික රෝගයක් ඇති බව පවසමින්.

මෙම ගැටලුව විසඳීමට පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුලු රාජ්‍ය සේවකයින් පිරිසක් මැදිහත් වුණා.

කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලයට මෙම දරුවා ඇතුළත් කරගෙන තිබුණේ පසුගිය බදාදායි.

එම ප්‍රදේශයේම ජීවත්වන වයස අවුරුදු 6ක් වන මෙම දරුවා දැනට ජීවත් වන්නේ ඔහුගේ මව සහ මිත්තෙණිය සමඟින්.

එච්.අයි.වී ආසාදනය වීමෙන් දරුවාගේ පියා මීට අවුරුදු එකහමාරකට පමණ පෙර මියගොස් ඇති අතර මරණයට හේතුව එච්.අයි.වී අසාදනය බව පාසලේ සෙසු දෙමාපියන් පවසන අතර ඔවුන් පවසන්නේ මවටද එච්.අයි.වී ආසාදනය වී ඇති බවයි.

මෙම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමත් සමග අනෙකුත් දෙමාපියන් සිය දරුවන් පාසලට රැගෙන ඒමෙන් වැළකී සිටියේ ඒ හේතුවෙන්.

මෙම ගැටලුව විසඳීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ළමා රක්ෂක අධිකාරියේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම විද්‍යාලයට පැමිණියේ විශේෂ සාකච්ඡාවක් සඳහායි.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories