Update : ඇඹිලිපිටිය තරුණයාගේ දේහය යළි ගොඩගැනීමට අධිකරණ නියෝගයක්

Thursday, 03 March 2016 - 11:01

Update+%3A+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිසිය සමඟ ගැටුමකින් මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ දේහය ලබන 10 වනදා යළි ගොඩ ගැනීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා අද (03) අවසර ලබා දුන්නා.

මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය යළි පැවැත්වීම සඳහා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා ඊයේ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුවයි අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු අදාළ නියෝගය නිකුත් කළේ.

ඇඹිලිපිටිය තරුණයාගේ මළ සිරුර ගොඩ ගැනීම සඳහා කරන ඉල්ලීම දිවුරුම් ප්‍රකාශයක් මගින් හෝ සාක්ෂියක් මගින් ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (03) උදෑසන නඩුව කැඳවූ අවස්ථාවේදී නියම කළා.

එහිදී විනිසුරුවරයා කියා සිටියේ ළඟම ඥාතියෙකු විසින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු බවයි.

කෙසේ වෙතත්, අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු නියෝග කළේ එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කෙරෙන තුරු මෙම නඩුව පැය කිහිපයකට කල් තබන බවයි.

එහෙත් බිරිඳගෙන් හෝ ඥාතීන්ගෙන් ඊට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ලබානොදීම හේතුවෙන් රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ යුක්තිය ඉෂ්ඨ වීම සඳහා යළි මියගිය සුමිත් ප්‍රසන්නගේ දේහය ගොඩගත යුතු බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු නියෝග කළේ දේහය එළැඹෙන 10 වනදා ගොඩ ගන්නා ලෙසයි.

ඊට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යොදා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පැමිණිල්ල සහ විත්ති පාර්ශවය වෙනුවෙන්ද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු මේ සඳහා එක් කිරීමට අවසර ඉල්ලූ අතර, ඒ සඳහාද අධිකරණය අවසර ලබාදුන්නා.

කෙසේ වෙතත්, මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ ඇතුළු ඥාතීන් දේහය ගොඩගැනීමට විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (02) දිනයේ සිට ඇඹිලිපිටිය නව නගරයේ සුමිත් ප්‍රසන්න භූමදානය කළ ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනු දක්නට ලැබෙන බවයි.

මේ අතර, තරුණයා මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඞී.සී. ධර්මරත්න ද අද පෙරවරුවේ අධිකරණ භූමියට රැගෙනවිත් තිබුණා.

ඔහු ලබන මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මියගියේ පසුගිය ජනවාරි 07 වැනිදායි.

Update : Thursday, March 3, 2016 19.03
---------------------------------------
ඇඹිලිපිටිය තරුණයාගේ දේහය යළි ගොඩගැනීමට අධිකරණ නියෝගයක්

පොලිසිය සමඟ ගැටුමකින් මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ දේහය ලබන 10 වනදා ගොඩ ගැනීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා අද (03) අවසර ලබාදී තිබෙනවා.

මළ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය යළි පැවැත්වීම සඳහා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා ඊයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුවයි අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු අදාළ නියෝගය නිකුත් කළේ.

කෙසේ වෙතත්, මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ ඇතුළු ඥාතීන් දේහය ගොඩගැනීමට විරෝධය පළ කර තිබෙනවා.

Update : Thursday, March 3, 2016 17.03
---------------------------------------

ඇඹිලිපිටිය තරුණයාගේ මළ සිරුර ගොඩ ගැනීම කල්යයි

ඇඹිලිපිටිය තරුණයාගේ මළ සිරුර ගොඩ ගැනීම සඳහා කරන ඉල්ලීම දිවුරුම් ප්‍රකාශයක් මගින් හෝ ළඟම ඥාතියෙකුගේ සාක්ෂියක් මගින් ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

මීට අදාළ නඩුව අද පෙරවරුවේ කැදවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු නියෝග කළේ එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කෙරෙන තුරු මෙම නඩුව පසුවට කල් තබන බවයි.

ඇඹිලිපිටියේදී මිය ගිය සුමිත් ප්‍රසන්නගේ දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද දැනුම් දෙන බව මීට පෙර අතිරේක මහේස්ත්‍රාත්වරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඒ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥවරයා කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

මෙම තරුණයා මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඞී.සී. ධර්මරත්න ද අද පෙරවරුවේ අධිකරණ භූමියට රැගෙනවිත් තිබුණා.

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමග ඇති වූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මියගියේ පසුගිය ජනවාරි 07 වැනිදායි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories