වත්කම් බැරකම් නොදුන් අපේක්ෂකයන්ට ප්‍රජා අයිතිය අහෝසි වන ලකුණු

Thursday, 03 March 2016 - 12:44

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පළාත් පාලන ඡුන්ද විමසීම පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමට හැර වෙනත් කිසිවෙකුට දින නියම කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මිශ්‍ර ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින ගැටළු කිහිපයක් පිළිබඳව ද ඔහු පැහැදිලි කළා.

වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිතිය යම් කලකට අහෝසි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories