සේයා සදෙව්මි ඝාතන නඩුවේ තීන්දුවට දින නියම වෙයි

Thursday, 03 March 2016 - 12:50

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව මේ මස 15 වන දා ලබාදෙන බව මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න අද ප්‍රකාශ කළා.

මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව පසුගිය ජනවාරි මස 25 වන දා ආරම්භ කෙරුණු අතර, එහිදී මිනුවන්ගොඩ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ ඇතුළු මෙම දැරියගේ පවුලේ ඥාතීන් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබුණා.

සේයා සදෙව්මි දැරිය පැහැරගෙන යාම, දුෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ ඇයගේ මරණය සිදුකිරීම එම චෝදනා හතරට සමන් ජයලත් නැමැත්තාට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

සමන් ජයලත් නැමැත්තාගේ ඞී.එන්.ඒ. සාම්පල සේයාගේ සිරුරෙන් සොයාගත් ආගන්තුක ජෛව සාම්පල සමඟ ගැලපෙන බවට අනාවරණය වූ අතර, පසුගිය වසරේ සැප්තැම්බර් 12 වනදා මෙම දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories