විදුලි විසන්ධි වීම් ගැන සොයන්න අගමැතිගෙන් කමිටුවක්

Thursday, 03 March 2016 - 14:24

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දිවයින පුරා පසුගිය දිනවල සිදුවූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සී. මාලියද්දගේ සභාපතීත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ තිලක් කොල්ලූරේ, මහාචාර්ය සැමී කරුණාරත්න, මහාචාර්ය කුමාර් ඬේවිඞ් සහ නෙයොමාල් පැල්පොල යන අයයි.

මෙම කමිටුවේ වාර්තාව සති 4ක් ඇතුළත අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදෙන ලෙස ද දැනුම් දී තිබෙනවා.

පසුගිය මස 25 වන දා දිවයින පුරා පැය 3කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories