ඉන්දුනීසියාවේ - සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය අක්‍රියයි

Friday, 04 March 2016 - 9:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2004 වසරේ ඇති වූ සුනාමි රළ පහරින් පසු ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා ප්‍රදේශයේ අතුරා තිබූ සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය පසුගිය බදාදා ඇති වූ ප්‍රබල භූ කම්පනයේදී ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වනවා.

මුහුදේ යෙදු බෝයාවන් 22 කින් සමන්විත මෙම සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය මේ නිසා යළි පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.

මෙම පද්ධතියට ඇතැම් පුද්ගලයන් විසින් හානි සිදුකර ඇති අතර එය නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් අරමුදල් නොමැති බවයි ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ.

පසුගිය බදාදා සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් සිදුවූ රික්ටර් පරිමාණයේ 7 යි දශම 8 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් එම දිවයිනට බලපාන සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කෙරුණේ භූ කම්පනයේ ප්‍රබලතාව සැලකිල්ලට ගෙනයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories