ආර්ථිකය ගැන සාකච්ඡා කරන්න විශේෂ කැබිනට් රැස්වීමක් අද

Friday, 04 March 2016 - 12:41

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (04) දින විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

අද පස්වරු 03 ට මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම එහි ප්‍රධාන අරමුණ බව ඔහු සඳහන් කළා.

මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ පසුගිය රජය සමයේ ලබාගත් ණය ප්‍රමාණය සහ ඒවා පියවීමට ගත හැකි පියවර මොනවාද යන්න පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ලක්වනු ඇති බවයි.

පසුගිය රජය රටට දරාගත නොහැකි පරිදි අසීමිත ලෙස ණය ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories