වසන්ත සොයිසා ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Friday, 04 March 2016 - 16:06

%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 35 දෙනා මේ මස 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල  හමුවේ අද එම නඩුව කැදවූ අවස්ථාවේදියි.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසයි. එහෙත් කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories