LTTE රැඳවියන් හතරකගේ තත්ත්වය බරපතලය

Sunday, 06 March 2016 - 13:04

LTTE+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ උපවාසයේ නිරත LTTE  රැඳවියන් 13 දෙනාගෙන්  හතරදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් ප්‍රකාශ කරනවා.

මංගලේස්වරී ශංකර් නැමති නීතීඥවරිය මේ බව ප්‍රකාශ කළේ වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයට ගොස්  රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබැලීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් උපවාසයේ නිරත රැඳවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච් එන් සී ධනසිංහගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ  එල් ටී ටී ඊ රැඳවියන් 13 දෙනෙකු උපවාසයක් ආරම්භකළේ පසුගිය පෙබරවාරි 22 වනදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories