රාජගිරියේ අනතුර ඇසින් දුටුවන්ගෙන් ප්‍රකාශ ගනී

Monday, 07 March 2016 - 12:51

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ බවට පැවසෙන රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය අද සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා.

මෙලෙස ප්‍රකාශ සටහන් කරගත්තේ සිද්ධියෙන් තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයාගේ මිතුරන් දෙදෙනාගෙන්.

ගයාෂාන් විනුර සහ මොහොමඞ් සුෆායිම් නැමති එම තරුණයින් දෙදෙනා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පසුගිය සිකුරාදා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

මේ අතර ජාතික හෙළ උරුමය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ මෙම සිද්ධිය පිළිබඳව අදහස් පළ කිරීමටයි.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම පක්ෂයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ සඳහන් කළේ රිය අනතුර සිදුවන අවස්ථාවේදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා එම ජීප් රථයේ නොසිටි බවයි.

අමාත්‍යවරයාට පහර ගැසීම සඳහා දේශපාලන විරුද්ධවාදීන් ඔහුට චෝදනා එල්ල කරන බව වර්ණසිංහ මන්ත්‍රීවරයා කියා සිටියා.

පසුගිය මස 29 වනදා සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් සන්දීප් සම්පත් නැමති 24 හැවිරිදි තරුණයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories