ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ඡන්දය බ්‍රහස්පතින්දා

Monday, 07 March 2016 - 13:06

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම මේ මස 10 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල පවසනවා.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව පසුගිය පෙබරවාරි මස 23 වනදා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට පසුදින මීට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

එහෙත් 23 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 24 වනදා පස්වරුවේ නොපවත්වා පසුවට කල් තැබීමට  තීරණය කළා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් කැබිනට් රැස්වීමේදී කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල යෝජනාවට පක්ෂව ඡුන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

විපක්ෂ නායක ආර් සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට දෙමළ සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන් එම් ඒ සුමන්දිරන් ඇතුලූ පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින LTTE සැකකරුවන් සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බවයි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories