ඇමති මහින්දගෙන් කුමාර වෙල්ගමට පිළිතුරු

Tuesday, 08 March 2016 - 12:46

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
තමාට හිමිවූ නිදහස් පක්ෂයේ පානදුර නව ආසන සංවිධායක ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අභියෝග කිරීමට කිසිදු අයිතියක් නොමැති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍යට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පෙරේදා අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි.

එහිදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මැතිවරණවලදී අමාත්‍ය මහින්ද සමරසිංහ පානදුර ආසනය පරාජයට පත් වන බවයි.

කෙසේ වෙතත් තමන්ට පානදුර සංවිධායක ධුරය ලබාදුන්නේ ජනාධිපතිවරයා බව සිහිපත් කළ අමාත්‍ය මහින්ද සමරසිංහ එම නිසා ඒ පිළිබඳව කතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අයිතියක් නොමැති බවයි ඔහු සදහන් කළේ.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories