ලැව් ගිනි නිසා ඉන්දුනීසියාවේ ප්‍රාන්තයක හදිසි තත්ත්වයක්

Tuesday, 08 March 2016 - 14:10

%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සුමාත්‍රා දිවයිනේ පවතින ලැව් ගිනි හේතුවෙන් බටහිර ඉන්දුනීසියානු රියාවු ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අග්නිදිග ආසියානු කලාපයේ වසරක් පාසා ඇති වන ලැව් ගිනි හේතුවෙන් සිදුවන්නේ විශාල ආර්ථික හානියක්.

ලැව් ගිනි දුමාරය මැඬලීම සඳහා පසුගිය වසරේදී ඩොලර් බිලියන 16ක් පමණ වැය වී තිබෙනවා.

2015 වසරේ ඇති වූ තත්ත්වය යළි ඇති වීම වැළැක්වීම සඳහා හමුදා සෙබලූන් 500ක් සහ පොලිස් බලකායක් යොදවා ඇති බවයි ඉන්දුනීසියානු රජය ප්‍රකාශ කළේ.

මෙහිදී හෙලිකොප්ටර් මගින් ජල බෝම්බ හෙලීමට ද පියවර ගැනෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories